Sunday, August 28, 2016


අාදර පබවතිය......

අාදර පබවතිය 
නුඹ මාගේ පාදපරිචාරිකාව නොවේද 
අාත්මයෙන් අාත්මයට මා හා පැමිණෙන....
නුඹේ රැව අාත්මයක් පාසා හදේ සැගවී තිබිණි මාගේ...
ඒ රැවයි මා කැටයම් කෙරැවේ රන් පිළිරැවේ...
කුසාවතීය සහ සාගලපුර ඒක්කර ගොඩ නැගුණේ 
ඔබේ මගේ බැදීම ඝණ අදුරේ...

නැත කිසි විටකත් ඔබට මුසාවක් කිරීමට 

හදෙහි චේතනාවක් නැගුණේ...
මෑණියන්ගේ බසට අවණත වුවා පමණි මා සොදුරියේ....
නුඹ මා හැර ගිය විට තතු දැන ගෙන 
මැරි මැරි උපනෙමි ඔබේ නමින් මා....
විරෑපී උවත් මම මගේ ප්‍රේමය මුසාවක් නොව...
ඒ නිසයි නුඹ වෙනුවෙන් 
බැල මෙහෙ කෙරැවේ අතහැර සියලු රජ සැප...
ඒපා සොදුරිය තවත් මාහට මෙලෙස කෙනෙහිලිකම් කරන්නට...
අසරණයි මා නුඹේ පෙම ළග....

5 comments: