Monday, September 19, 2016

පොඩි සාදු

කසාවත් අැදන්
සිනිදු කෙස් මුඩු කර කපා...
මොලකැටි ගත වසා කසාවත් දරා ගෙන
හතර වරිගයක් සසරින් ඒතෙර කරන්නට
මහනදම් පුරන්නට
මවු තුරැලෙන් මිදී අාවෙහිද
පුංචි පුතේ නුඹ ....

Wednesday, September 14, 2016

කොච්චි


අක්කේ අැයි උඹ ඔය තරම් 
සැර...
හැපුනාද උඹට කොච්චි කරලක්වත් සැර ....
ගත්තාට නුඹේ පැන්සලක් ටිකකට හොරෙන්
බනින්නේ මට....

Friday, September 9, 2016

අතීතය


තත්පරයනේ තත්පරය
විනාඩියනේ විනාඩිය
කදුල උරැම කර දුන් 
විඩාබර අතීතය...

Thursday, September 8, 2016


පාසලක්

 ජනප්‍රිය පාසලක් වෙත පුතු යවන්නට නොවේ
මා මෙලෙස වෙහෙසෙන්නේ...
පයින් යන දුර ඉදලත් 
හිමි නැතිද මා පුතුට
යාන වාහන වලින් විත් බසින 
දරැවන්ට මෙන්
පළමු වසරට යන්න
ළගම පාසලට  
වැට අයිනේ ඉදලත් ....