Tuesday, July 26, 2016
ජීවිතයේ සොදුරැ සමය
යම් පුද්ගලයකුගේ ජීවිතයේ සොදුරැ කාලය කුමක්දැයි විමසුවහොත් ඔහු හෝ අැය ලබා දෙන පළමු පිළිතුර ලෙස අපට කුමක් හදුනාගත හැකිද . ඒ තමාගේ පාසල් සමය බව පළමුවෙන් ම සියලු දෙනාම පාහේ පවසන බව නොරහසකි.
මාපිය තුරැළෙන් ෙවන්ව අප පළමුවෙන්ම පිය නගන්නේ පාසල වෙතයි. ඒ පාසල් අධ්‍යාපනය ලබා ගෙන ජීවිතයේ බොහෝ ජයග්‍රහන ලබා ගැනීම පිණිසයි. ඒහිදී අපට ගුරැ මෑනිවරැන් පියවරැන් ෙමන්ම මිතුරැ මිතුරියන්ද හදුනාගත හැකිය.
ඒ මගින් අප ලබන දැනුම මෙන්ම යහපත් මිතුරන් ලැබීමද පාසල් සමය තුළ අප ලද දායාදයන් වෙති. ඔබට පාසල් සමය තුළ වඩාත්ම මතක සිදුවීම කුමක්දැයි අැසූවිට සමහර විට ඒය ඔබ ලද ජයග්‍රහනයක් විය හැකිය.නැතිනම් ඒ ඔබ කළ දග වැඩකි.
පාසල් සමය කොතරම් සොදුරැද ඒහි සොදුරැ මතක කිසිම දිනක අපේ මතකයෙන් ඉවත් කළ හැකිද නොවේ. අප ජීවිතයේ අප ලබන සෑම ජයග්‍රහනයකම පිටු පස සිටින ඉන්ද්‍රඛීලය වන්නේද අප පාසල තුළදී ලබන අත්දැකිම් සහ දැනුම් සම්බාරයයි.ඒ නිසා අප ජීවිතයේ කිසිදා අමතක නොවන සංදිස්ථානය ලෙස පාසල් අධ්‍යාපනය අපට හදුන්වා දිය හැකිය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment