Tuesday, July 12, 2016

මා පිය සෙනෙහසක මහිමය

   








 අම්මාගේ උණුහුමත්   පියාගේ රැකවරණයත් දරැවකුට මෙලොව අැති වටිනාම සම්පත් වෙති. ඒ අමිල සම්පත වත්මන් සමාජයේ සිටින අතලොස්සකට මහත් බාධාවක් බවට පත්ව තිබෙනු දැකිය හැකිය.මෙය හුදෙක් මහා  ඛේදවාචකයක් බවට වත්මන් සමාජය තුළ පත්ව තිබෙනු දැක ගත හැකිය.

මවුපියන්ට මෙලොව අැති වටිනාම සම්පත නම් සිය දරැවන්ය. ඔවුන් දිවා රෑ නොබලා සිය දරැවන් ෙවනුවෙන් වෙහෙසෙන අන්දම කිසිවකුටත් රහසක් නොවේ. ඔවුන්ගේ දරැ සෙනෙහස ඒ තරම්ම බලවත් වූවකි. නමුත් වත්මන් සමාජය තුළ අතලොස්සක් පමණ සිය වියපත් වූ මාපියන්ට නොසලකා හරිනු දැක ගත හැකිය. අැතමෙකු සිය මහලු මාපියන් මහලු මඩම් වලටත් තවත් පිරිසක් ඔවුන්ව මනුෂ්‍ය වාසයට නොගැලපෙන ස්ථාන වලත් තැබීමට කටයුතු කරනු දැක ගත හැකිය.

මෙය මහත් ඛේදවාචකයක් ලෙස සදහන් කළ හැකිය. මාපියන් සිය තරැණ කාළය තුළ සිය දරැවන් පෝෂණය කළේ යම් සේද දරැවනුත් සිය මාපියන් වියපත් වුවද සිය දරැ සෙනෙහසින් වියපත් නොවූ නිසා අාදරයෙන් රැක බලා ගැනිම ඉතා වැදගත්ය. මන්ද අද දිනයේ ඔබ නිවැරදි මාවතේ ගමන් කළහොත් නිසැකවම ඔබේ දරැවාද ඒ මග යනු නොඅනුමානය.


   

No comments:

Post a Comment