අම්මේ
රෑ අහසට තනි රකින්න
සුර කුමරියෝ අතුරා ගිය
තරැ කැට අතරේ...
සැගවී අැත ඔබේ රැවත්
අම්මේ මාගේ...
දුරින් හිදන් මා දෙසටම
දෑස යොමන් ඔබගේ
බලා ඉන්නේ අැයි අැතින්
ළගට මගේ පැමිණෙන්නේ නැතිද
අාදර අම්මේ...
දුවේ කියා මා අමතා
අාදරයෙන් සිප ගන්නට
හීනෙන්වත් අැවිත් යන්න
අදවත් පැමිණෙන්නේ නැතිවද ...
තරැ කැට අතරේ සැගවුණු
පෙම්බර අම්මේ...

No comments:
Post a Comment