Monday, July 18, 2016

නව මාධ්‍ය සහ අපි 

වත්මන් සමාජය ගෝලීයකරණයේ හිනි පෙත්ත ඉක්මවා ගොස් අැති අයුරැ අපට දැක  ගත හැකිය. ඒ නිසා වත්මන් සමාජය මාධ්‍ය සමාජයක් ලෙස හැදින්විය හැකිය. මේ නිසා මුලු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව අැති බව නොරහසකි.

ලෝකයේ ඒක් කොනක සිට තවත් කොනක සිටින සිය හිත මිතුරන් අැමතීමටත් ඔවුන් හා සබදතා පහසුවෙන් පවත්වා ගෙන යාමටත් අතීයට වඩා අද වන විට පවතින ඉඩකඩ අසීමිතය.ඒ නිසා අද වන විට කුඩා දරැවාගේ පටන් වියපත් මහල්ලා දක්වාම මෙම නව මාධ්‍ය භාවිතයට හුරැ වී සිටිති.

‍කාර්යය බහුල ලෝකයක දිවි ගෙවන අප සැමගේ ජීවිත සැහැල්ලුවෙන් පවත්වා ගෙන යාමටත් සතර දෙස සිටින හිත මිතුරන් සමග සම්බන්ධ වීමටත් නව මාධ්‍ය මහෝපකාරී වනු දැක ගත හැකිය. මෙහිදී ව්මන් සමාජය තුළ නව මාධ්‍ය අව භාවිතා වනුද දැක ත හැකිය. මෙය බොහෝ දෙනාගේ නොදැනුවත්කම මත සිදු වන්නකි. මෙහිදී  නව පරපුරට මෙන්ම වැඩිහිටියන්ට මාධ්‍ය භාවිතය පිළිබද අවබෝධය ලබා දීම මගින් මෙම ගැටලු රැසකට පිළිතුරැ ලබා දිය හැකිය.  ඒ හරහා නව මාධ්‍ය භාවිතය මගින් සිදු වන බොහෝ අපහසුතා මග හරවා පුද්ගල කාර්යය සාර්ථක කර ගැනීමට නව මාධ්‍ය යොදා ගත හැකිය.   

No comments:

Post a Comment