Wednesday, July 20, 2016



කහ මල් ගහ

අතීතයේ දිනක අත්තම්මා විසින් 
සිටුවුවා ගෙමිදුල කෙලවරේ
පුංචි මල් පැලයක්...
දින සති ගෙවිලා 
කාලය ගත වෙලා 
ඒ පුංචි මල් පැළය
ටිකෙන් ටික ලොකු වුණා අතු ඉති විදාලා...
ඒ පුංචි මල් ගහේ අතු පුරා ඉති පුරා
කහ පාට මල් පිපී ගෙමිදුලම හැඩ වුණා..
කහ මල් පිපීලා බිමට වැටෙන්නත් කලින් 
අත්තම්මගේ සුවද  කහමල් ගෙන ගියා දුර අෑත...
කහමල් සුපිපෙනා වාරයක් ගානේ
අත්තම්මගේ සුවද හදවතට ළං වුණා...

1 comment:

  1. සිතට දැනුණ නිර්මාණයක්.

    ReplyDelete