බිදුණු මැටි බදුනසොදුරැ අතීතයක් මටත් තිබුණා
කැඩී විසිරී ගියත් අද ...
සිදාදියට ගිය සුදු නෝනා අායේ අාවේ මාව අරගෙන
සිලිං දෙකකට
අැගේ දෑසේ ඒදා තිබුණේ පුදුම සතුටක් මා ගෙනාවට
සොදුරැ මල් ඉති කිණිති දමලා හැඩ කළා අෑ මාව සතුටින්..
කාලයක් කෙමෙන් ගෙවෙන විට
මාව අමතක වූණා අෑ හට..
මල් කිණිති පරවෙලා
මකුලු දැල් බැදීලා සැමට අමතකව ගියා මම...
සුදු නෝනට හොරෙන් මැගිලින්ගේ අතින් ගිළිහුණා මා බිමට..
විසි කරපන් ඒක ....
සුදු නෝනා කිවුවේ ඉවත බලා ගෙන.....

හරිම ලස්සන නිර්මාණයක්.
ReplyDelete