Wednesday, August 10, 2016



සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂයක් ලෙස 1983 දී වසන්ත ඔබේසේකරයන් විසින් සිනමාවට නගන ලද දඩයම සිනමා කාව්‍යය හැදින්විය හැකිය. මෙම සිනමා කෘතිය සිනමා ඉතිහාසය තුළ සුවිශේෂ වූවකි. මෙහිදි පළමු වරට ග්‍රාමීය ාන්තාව පුරැෂයාට විරැද්ධව නැගී සිටිමින් සිය සාදාරනණත්වය උදෙසා සටන් වදින කැරලිකාර චරිතය් ලෙසට මෙම සිනමා කෘතිය මගින් දක්වා අැත . 

මෙම සිනමා කෘතියට වස්තු විෂය වන්නේ ජයනාත් නම් තරැණ කඩවසම් සෙල්ලක්කාර සල්ලාල දිවි පෙවතක් ගෙවන පොහොසත් තරැණයකු හා ඔහුගේ මෙම පුහු අාටෝපයට රැවටී පෙමින් බැදෙන රත්මලී නම් ගැමි තරැණියක් පිළිබද කථා පුවතකි .

මෙම සිනමා කෘතිය තුල දී පුරැෂයා විසින් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට කාන්තාව අනිසි ලෙස යොදා ගන්නා අන්දම ඉදිරිපත් කර අැත . ඒහිදී ඔහු අැය ව සෙල්ලම් බඩුවක් බවට පත් කර ගන්නේ සිය අවශ්‍යතා ඉටු කර ගැනීමටය .ඒහිදී ඔහුට අැය ෙදවතාවක්ම රැවටෙන අතර ඒ නිසා අැය අවිවාහක මවක් බවට පත්වන්නීය . ලාංකික සංස්කෘතිවය තුල අවිවාහක මවක් වීම යනු බරපතල කරැණකි . ගැමි තරැණියකට මෙබදු තත්වයකට මුහුණ දිමට වූ විට ඒය මහත් අභාග්‍යයකි . 

මෙහිදි ජයනාත් විසින් නිරතුරැවම රත්මලී නම් තරැණිය රැවටීම පමනක් සිදු කරයි . ඒහිදී නිරතුරැවම ඔහුට රැවටෙන රත්මලී නම් අහිංසක බොලද තරැණිය පසු කලෙක ජයනාත්ගේ මේ ක්‍රියාකලාපය නිමාම දරදඩු බවට පත් වේ . 

ඒහිදී ප්‍රේමය පසෙක ලන රත්මලී ජයනාත්ට වෙෙර කිරීමට පෙළඹේ . ඉන් පසුව අැය මෙම රැවටිලිකරැගෙන් පළි ගැනීමට ඔහු හා විවාහ විමට පෙලඹේ . නමුත් අවස්තා ගනනාවකදී රත්මලී රවටන ජයනාත් අැය රවටා ව්‍යාජ විවාහයක් කර ගෙන අැයව කැළයකට ගෙන ගොස් සිය කාරයට යටකර මරා දමයි .

මෙහිදී සිනමා කෘතිය තුල   ඉහළ පාන්තිකයන් සමග ගැටිමට ගොස් පීඩාවට පත් වන ග්‍රාමිය දුප්පත් පාන්තිකයන් අසරන වන අන්දම මෙහි දක්වා අැත . මෙහිදි සමාජ පන්ති ගැටුම නිසා ප්‍රේමය නම් උතුම් හැගීමට සමාජය තුළ ඉඩක් නොමැති බවත් මිනිසුන්ගේ අපේකෂාවන්ට ඒ නසා සිදුවන දෙයද මෙහිදී ඉදිරිපත් කර අැත . ඒහිදී මෙම සමාජ ක්‍රමය තුළ මිනිසා ගොදුරැ වනඅන්දම දක්වා අැත .

No comments:

Post a Comment