මවකගේ වැළපුම...
ගල් කූරක් නෙත නොගැටි
නුඹගේ සියුමැලි අැගිලි තුඩු
හේනේ බර වැඩටම දැන් ලොල් බදිනවාද
කුසට අහරක් නැතිව
ගිනි අවුවේ බැට කමින්
බත් අැටයක් කන්නට කාසි පොදි සොයනවද ...
දරැණු වී දිව අා නාලාගිරි අැතු නුඹේ
අප්පච්චී ගෙනගිය දින සිට
දිවා රෑ වෙහෙසිලා
පාඩම් පොත් පසෙකලා
හරි හරියට මා සමග නුඹත් දැන්
සොහොයුරන් රකින්නට කුරහන් ඉසිනවාද....

No comments:
Post a Comment