Friday, August 26, 2016

ඔහුගේ වේදනාව

දෑගිලි අතර සිරවූ 
වයලීනයේ තත් සෙමින් පිරි මැද
වයයි ඔහු 
හදෙහි සිර වූ ගැඹුරැ පදවැල් ...
සරිගම ස්වර තුළ පැටලී සවනට
අැසෙයි ඔහුගේ වේදනාවන්....
මිහිරියගේ වියොවින් තවත් තැවෙමින් 
වයයි ඔහු හදේ සුසුමන් තනුවක් ලෙස ...
කිිසිත් නොමදත් ප්‍රේක්ෂකයන් 
දැත් ඒක් කර නගයි අත් පොලොසන්...
තවතවත් දුක සිතේ ගුලිකර 
වයයි ඔහු රස පිරැණු පදවැල්....


No comments:

Post a Comment