Monday, August 22, 2016



කාලයේ නපුරැ සරදම

අතීතෙය් ඒක් දිනක 
හමුවුණා ඔබ
හුරැ බුහුටි ළදැරියක ෙලස...
වෙල් යායේ දුව පැන 
අකුරට ගියා නුඹ සමග ප්‍රීතියෙන් 
කාලයක් ගතව නුඹ සොයා අාවා 
වසත් සමෙය් අරැණලු කිරණ...
නුඹේ සුවද මත අැදී අාවා බඹර කැළ 
රොන් සොයා නුඹ ළගින් ....
පියෙන් පිය ඔසවලා කාලය පියමන් කරන විට
නැවත දුටුවේ නුඹව 
සිවු දරැ මවක් ලෙස 
දරැවන් අතදරා සෙනෙහසින් පිය නගන...
වසර ගණනකට පසු ගම අාව දින
නුඹ දිටිමි 
මල් වට්ටියක් ගෙන සන්සුන්ව 
පන්සලට පිය නගන උවැසිය ලෙස...
කාලය ගෙවෙන විට නූඹේ වියපත් සිරැර 
පෙර දුටු සුන්දරත්වය අහෝ මිහිදන් වූණි 
කාලයේ නපුරැ සරදමට ගොදුරැව...

No comments:

Post a Comment