Sunday, August 14, 2016

වීදි පහන

වීදිය දෙපස අැති 
පකිස් ලෑලි පෙට්ටි ගෙවල්වල සිටින
දෙනෝ දාහක් මිනිසුන්ගේ සෝ සුසුම් මැද ...
උන්ගේ ජීවිත වල අාලෝකයේ පහන් ටැඹ ලෙස
නුඹ පමණි සිටියේ 
නොතකා පංති භේදය ...
නිරැවත් දෙපයින් අකුරැ කරනට දිව යන
ළපටි කැළට අකුරැ අැහිදින්නට...
බලාපොරොත්තුවේ රිවි කිරණ ලෙස ඒළිය දුන්නේ ඔබයි..
ගිය ඉරැ දිනයේ හමා අා සැඩ සුළගට
නුඹේ ඒළියත් උන්ට අහිමි වී ගියේ 
කළා වූ පෙර පවට ....
මැම්බර් මහත්තයාටවත් තවමත් බැරි වුණිද 
දල්වන්ට ඒ ඒළිය...
රටේ මහතතයාටවත කියා...

No comments:

Post a Comment