Wednesday, August 24, 2016


පටාචාරාවක නොවේ 

මිහිරැති ඔබගේ වියොවින් 
තැවුණා මා හද ශෝකෙන්...
තනිවුණි මෙලොවේ බිළිදකු අත දරා අසරණව මිහිර ඔබ නොමැතිව ...
බටහිර අහසේ හිරැ බැස යන මොහොතේ 
අැසුණා මහ හෙන ගසනා හඩ සක්වල ගලට...
අැද වැටුණු මහා වරැෂාවත් සමග 
කඩා වැටුණා ඔබ මා තැනූ කුඩා පැල්පත
වියරැව පැමිණි  සැඩ සුළගට ගොදුරැව....
ඒ මහා වරැසාවට හසුව කුඩා පුතුගේ 
කිරි මුට්ටිය ගසා ගියා සැඩ රළ පහරට...
බිළිදු මුවේ කිරි සිනා මිලිනව යන්න හදයි අෑතට...
තවමත් නොමල පුතුගේ සිරැරේ උණුහුම 
දැනේ තවමත් දෑතට...
ළමැදට ගෙන පොඩි පුතු දිව යන්නේ 
නොමළ ගෙයකින් අබ සොයා නොව 
තවමත් හෙමිහිට ගැහෙන පුතුගේ ළමැදට
හුස්ම පොදක් දී දිවි රැක දෙන්නට
ජීවකයාණන් කෙනෙක් සොයන්නය...

No comments:

Post a Comment