මිහිපිට ජිවය ලද සෑම ජීවියකුම ලද වටිනාම දායාදය ලෙස ස්වභාදහම් මාතාව හැදින්විය හැකිය . අැය සැම ජීවියකුම ජිවයෙන් පුරවන අතරම ජීවත්විමට අවශ්‍ය සැම පහසුකමක්ම ලබා දෙන්නේ කිසිදු අය කිරීමකින් තොරවය . වාතය ජලය අාහාර පමණත් නොව ජිවියකු ලෙස නොනැසී ඉදිරියට යාමට අවශ්‍ය සෑම පහසුකමක්ම අපට ලබා දෙන්නේ ඒ නිසාවෙනි .
ඒහිදී සෑම ජිවියකුටම ජීවිතය සතුටින් ගෙවිමට අවශ්‍ය මානසික සහනයද ස්වභාව දහමේ අැති අසිරිමත් බව අපට ලබා දෙති . මෙහිදී මිනිසාගේ අනිටු ක්‍රියා කාරකම් නිසා අද වන විට මෙම සොදුරැ පරිසරය විනාශ මුඛයට අැද වැටීම නොවලැක්විය හැකි තත්වයට පත්ව අැත .මෙය ඉතා අවාසනාවවන්ත තත්වයකි .
මිනිසාට ජිවත් විමට අවශ්‍ය සැම වටිනාකමක්ම ලබා දෙන ස්වභාව දහම නැසීම වෙනුවට ඒය රැක ගැනීම ඉතා වැදගත්ය . මෙබැවින් මිිනිසුන් ලෙස මෙලොව ජන්මය ලද අප සෑම දෙනාම ඒකරාශි වෙමින් අපගේ ජීවය සුරකින ස්වභාව දහම් මාතාව අපගේ දිවි දෙවැනි කොට රැක ගැනීමට කටයුතු කරමු .

aththmai
ReplyDelete